Published
සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳ ඕනෑම මොහොතක ජනාධිපතිවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කෙසේවෙතත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ වර්ජනය අදත් ක්‍රියාත්මක බවයි.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ ලබාදිය හැකි සියලු වැටුප් වැඩිවීම් ලබාදී තිබියදී මෙලෙස වර්ජනයේ නිරත වීම අසාධාරණ බවයි.
ඊයේ පෙරවරු 08.00 සිට දිවයින පුරා රෝහල් රැසක වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ පැය 48ක කාලයක් ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවයි.




