Published
රට පුරා ක්‍රියාත්මක වෛද්‍ය වර්ජනය හේතුවෙන් අද දිනයේ ද රෝගීන් පීඩාවට පත් වුණා.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසුවේ සිය ගැටලුවලට රජයේ පාර්ශ්වයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.
කෙසේවෙතත් සිය දෙදින සංඛේත වැඩ වර්ජනය හෙට උදෑසන 08.00ට අවසන් කරන බවයි එම සංගමය පැවසුවේ. වර්ජනය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා මෙලෙස අදහස් පළ කළා.
කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ රෝගීන් අපහසුතාවයට පත් කරමින් සිදු කරන වෛද්‍ය වර්ජනය හෙලා දකින බවයි.
මේ අතර වෛද්‍ය වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අද පැවති උත්සවයකදී අදහස් පළ කළා. සාධාරණ වැටුප් වැඩිමීක් සිදුකර තිබියදී එලෙස වර්ජනයක නිරත වීම අනුමත කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.




