Published
මොරොන්තුඩුව, කන්දකඩේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී අලෙවිය සඳහා සකස් කර තිබූ නීති විරෝධී මත්පැන් ලීටර් 67.5ක්, මත්පැන් පෙරීමට යොදාගන්නා ”ගෝඩා” ලීටර් 1,281ක් අඩංගු බැරල් 07ක් සහ මත්පැන් පෙරීමට යොදාගත් උපකරණ ද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
මේ අතර දොම්පේ සහ මහබාගේ ප්‍රදේශවල සිදුකළ වැටලීම් දෙකකදීද නීතිවිරෝධි මත්පැන් සමග සැකකාරියක් සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අදාළ වැටලීම් සිදුකළා.




