පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් අද තරඟයේදී ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක පවසනවා.
එංගලන්ත කණ්ඩායම සමග අද පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.
යොවුන් ක්‍රීඩක පවන් රත්නායක පිතිකරණ අනුපිළිවෙළ යොදා ගන්නා ස්ථානය සහ එංගලන්ත දඟ පන්දු යවන්නන් සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාගෙන් ප්‍රශ්න කළා.
දෙරට අතර තීරණාත්මක එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්රීඩාංගණයේදීයි.
පස්වරු 02යි 30ට තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
කණ්ඩායම් දෙකම එක් තරඟය බැගින් ජයගෙන තිබෙන නිසා අද තරඟය ජය ගන්නා කණ්ඩායමට තරඟාවලියේ ජයග්‍රහණය හිමි වනු ඇති.
ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසර 05 තුළ තම මව්බිමේදී එක්දින තරඟාවලියක් පරාජයට පත්ව නැහැ.
කෙසේවෙතත් 2014 වසරෙන් පසු මෙරට පැවති එක්දින තරඟාවලියකදී එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී නැහැ.
අවසන් වරට 2014 වසරේ දෙසැම්බර් මාසයේ පැවති තරඟ 07කින් යුත් එක්දින තරඟාවලියකදී 5ට 2ක් ලෙස එංගලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.




