වාහන වෙළඳපොළ ඉදිරියේදී ස්ථාවර තත්ත්වයකට පත්වනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසුවේ ඇණවුම් කළ වාහන නිසි පරිදි මේ වන විට විදේශ රටවල සිට මෙරටට ලැබෙමින් පවතින බවයි.

පසුගිය සති කිහිපයේදී වාහන වෙළඳපොළේ යම් මිල උච්චාවචනයක් පැවතියද ඉදිරියේදී එම තත්ත්වය ස්ථාවර වනු ඇති බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.