Published
ආපදාව ගිලගත් රට දැන් ක්‍රමයෙන් ගොඩනැගෙමින් තිබෙනවා.
ඒ, ත්‍රිවිධ හමුදාවේද ශක්තියෙන්.
ආපදාව ආරම්භ වූ දවසේ සිට ආරක්‍ෂක අංශ සාමාජිකයින් ජීවිත බේරා ගැනීමට හා සහන මෙහෙයුම් සඳහා දැක්වූයේ අතිමහත් කැපවීමක්.
ඔවුන් අතින් බේරාගත් ජීවිතද එමටයි.
එදා ආරම්භ කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සහන මෙහෙයුම් තවමත් අවසන් වී නැහැ.
ආරක්‍ෂක අංශ පමණක් නොව රාජ්‍ය සේවකයින් මෙන්ම ස්වේච්ඡා සංවිධානද රටවැසියන්ද රට යළි ගොඩනැගීමට නිදි නොමැතිව ගෙවා දැවූ රාත්‍රීන් ගණන අතිමහත්.
එවන් කැපවිමක් මතයි සියල්ලක් පුදුම කරමින් යළි රට ගොඩනැගෙමින් ඇත්තේ.


