දෙසැම්බර් මාසයට අදාළ තැපැල් කාර්යාල හරහා වැඩිහිටි දීමනා මෙතෙක් ලබා නොගත් වැඩිහිටියන්ට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේද වැඩිහිටි දීමනා ලබා නොගත් පුද්ගලයින්ට නැවත වැඩිහිටි දීමනාව ලබා ගත හැක්කේ ජනවාරි 05 වනදා බවයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ.

තැපැල්පතිවරයා සමග කළ සාකච්ඡාවකට අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.