වතු කම්කරු වැඩි කළ වැටුප පෙබරවාරි 10 වනදා සිට ලබා දෙන බව විෂය භාර අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා සදහන් කළේ මෙහිදී වතු කම්කරුවෙකුට රුපියල් 1,750ක මුදලක් හිමිවන බවයි.
වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩි කිරීමට ආණ්ඩුවට අරගලයක් කිරීමට සිදුවූ බව ද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවා.
වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1,750ක් දක්වා වැඩිකිරීමට අදාළ ගිවිසුමට ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය ඉකුත් 30 වනදා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී අත්සන් තැබුවා.
2026 අයවැය යෝජනාව අනුව දැනට රුපියල් 1,350ක් ලෙස ගෙවෙන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 400කින් ඉහළ නැංවීමටයි තීරණය කළේ.
මෙම වැඩිවීමෙන් රුපියල් 200ක් වැවිලි සමාගම් මඟින් සහ ඉතිරි රුපියල් 200 රජය මඟින් ලබා දෙන බවට එකඟතාවක් ඇති අතර, ඒ අනුවයි දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ ගියේ.
වැටුප් වැඩිවීම 2026 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන අතර, ජනවාරි මාසයේ සේවක පැමිණීම් වාර්තා පෙබරවාරි 3 වන දිනට ලැබුණු පසු, රජය මඟින් ප්‍රාදේශීය සමාගම් වෙත දායක මුදල් මුදා හැරීමට නියමිතයි.
එමෙන්ම වැවිලි සමාගම් සේවක බැංකු ගිණුම් තොරතුරු ලබා දී ඇති අතර, ඒ අනුව රුපියල් 200ක දීමනාව බැංකුගත කිරීමේ කටයුතු ද සිදුවනු ඇති.



