Published
වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි.
සැකකරු සන්තකයේ තිබී අළෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
එමෙන්ම හෙරොයින් අළෙවි කිරීම සදහා යොදගත් යතුරු පැදියක් සහ ජංගම දුරකතන තුනක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු දෙමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.




