මේ වන විට රටට විගණකාධිපතිවරයෙක් නැහැ.
ඒ, නව විගණකාධිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් නොලැබීම හේතුවෙන්.
මෙලෙස රටෙහි විගණකාධිපති ධුරය හිස්ව පවතින්නේ දැන් මාස කිහිපයක සිටයි.
විගණකාධිපති ධුරය හිස් වූ විට ඊට සුදුස්සෙකු නම් කිරීම සිදු කළ යුත්තේ ජනාධිපතවරයායි.
ජනාධිපතිවරයා නම් කළ පමණින් දැන් විගණකාධිපතිවරයෙකු පත් වන්නේ නැහැ.
පළමුව සිදු වන්නේ ජනාධිපතිවරයාගේ යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට යොමු කිරීමයි.
ඉන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාව විසින් සුදුස්සෙකු පත් කිරීම දැන් සිදුවන සම්ප්රදායයි.
ආණ්ඩුවේ ආරංචිමාර්ගවලට අනුව ව්‍යවස්ථාවේ පවතින ජනාධිපතිවරයාට හිමි බලතල අනුව ව්‍යවස්ථාවේ පවතින විගණකාධිපතිවරයෙකු පත් කිරීමේ සුදුසුකම් සහිත පුද්ගලයින් අවස්ථා 4කදී ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමුකර ඇති බවයි.
එම නම් 04ම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. විගණකාධිපතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව පටු අරමුණු මත රැඳෙමින් තම සීමාව ඉක්මවා කටයුතු කර ඇති බවටයි ආණ්ඩුව චෝදනා කරන්නේ.
ඒ, ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා. නෙත් නිවුස් අද උදෑසන ප්රවෘත්ති ප්‍රකාශයට ඔහු සම්බන්ධ කරගත්තේ විගණකාධිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.
දැනට වැඩ බලන විගණකාධිපතිවරයාට තවදුරටත් එම ධුරයේ කටයුතු කළ හැකිද?
දැනට වැඩ බලන විගණකාධිපතිවරයා, එම ධුරයට ස්ථිරව පත් කළ නොහැකිදැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළා.
මෙම ප්‍රශ්නකිරීම සිදු වූයේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි.
එහිදී මාධ්‍යවේදීන් මෙම ගැටලුව පිළිබඳ ආණ්ඩුව පාර්ශවයේ මතය විමසුවා. මේ, ඊට ප්‍රතිචාර දැක්වූ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.
මෙම ගැටලුව ව්‍යවස්ථාදායක සභාවේ කාලය අවසන් වන තුරුම පවතීද? නෙත් නිවුස් යළිත් ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වාගේ මතය විමසුවා.


