විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම අවසන් තීරණයක් ගනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර, ආපදා සහන ලබා දීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.

මේ අතර, ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ආපදාවෙන් හානි වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් නැවත ආරම්භ කිරීම සඳහා හෙක්ටයාරයකට රුපියල් හාර ලක්ෂ 25,000ක දීමනාවක් එම වගාවන්හී නිතර ගොවීන්ට ගෙවීමට නියමිතයි.

එම වගාවන් හී පාළු සිටුවීමට සහ නැවත වගාවට අවශ්‍ය පැළ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩසටහන් මගින් නොමිලයේ ලබා දීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.