ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් සියලු සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසනවා.

ඒ, අද සවස 3 සිට පැය 24ක කාලයක් සදහායි.

ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා පැවසුවේ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් රජය විසින් කිසිදු සාධනීය පිළිතුරක් හෝ සාමුහික ගිවිසුමක් විදුලි සේවකයින් වෙත ලබාදී නොමැති බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා පැවසුවේ ප්‍රතිව්‍යුහගතකරණයට එකඟවුවත් විදුලිබල සේවකයාට අසාධාරණයක් වන ක්‍රියාමාර්ගයකට කිසිසේත්ම එකඟ නොවන බවයි.

කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසුවේ මේ හරහා කිසිදු සේවකයෙකුට අසාධාරණයක් නොවන බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ වෘත්තිය සමිති සමග සාකච්ඡා කර මෙම තීරණයට එළැඹි බවයි

කෙසේ වෙතත් අද පස්වරු 03ට ආරම්භ වූ මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 25ක් එක්ව සිටිනවා.