විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් එම දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බවයි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පැවසුවේ.

ඩුබායි සිට පැමිණි එම ගුවන් මගීන් දෙදෙනා රැගෙන ආ ගමන් මලු තුළ තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 86,800 ක් සහ විද්්‍යුත් දුම්වැටි 30 ක් සොයාගෙන තිබෙනවා.

ඒවායෙහි වටිනාකම රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයක් පමණ වන බවයි රේගු නිලධාරීන් පැවසුවේ.

ව්‍යාපාරිකයන් වන එම ගුවන් මගීන් දෙදෙනා අවිස්සාවේල්ල සහ කල්මුණේ ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.