Published
කඳාන, මෝරාවත්ත ප්රදේශයේ සිදුකළ වැටලීමකදී මත්පැන් බෝතල් තොගයක් සහ දුම්වැටි තොගයක් නීතිවිරෝධිව ළග තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කඳාන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.
එහිදී බලපත්ර නොමැති විදේශීය මත්පැන් බෝතල් 137 ක් සහ තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 64,800 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක බවයි කදාන පොලීසිය පැවසුවේ.




