විපක්ෂයේ දේශපාලනපක්ෂ තුළ පැවති අධි තක්සේරුව හේතුවෙන් පළාත් පාලන ආයතන රැසක බලය විපක්ෂයෙන් ගිලිහී ගිය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.

පැවති තත්ත්වය හේතුවෙන් තමන් නිහඬව සිටි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

කොළඹ මහනගර සභාවේ බලය විපක්ෂයෙන් ගිලිහී යාම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකට පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා මේ බව කියා සිටියා.

විපක්ෂයේ දේශපාලන පක්ෂ එක් විය යුත්තේ නාමිකව නොව ප්‍රායෝගිකව බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා එහිදී කියා සිටියා.