විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් අද නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වීමට නියමිතව තිබෙනවා.

ආන්දොලනයට ලක්ව ඇති ගල්අඟුරු ටෙන්ඩරය යටතේ ලැබුණු ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීම එම නිරික්‍ෂණ චාරිකාවේ අරමුණයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා.

මේ අතර ප්‍රශ්නගත ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන් දිනකට ගිගා වොට් පැය දෙකයි දශම 6ක් අහිමි වී ඇති බවයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ.