මේ වන විට කිසිදු ගැටලුවකින් තොරව රජයේ වී ගබඩා වලට වී මිලදී ගැනීමේ කටයුතු සිදු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

වී මිලදී ගැනීමේදී ගැටලු පවතින බවට විපක්ෂයේ චෝදනා පදනම් විරහිත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

පසුගිය ආණ්ඩු සමයේ තිබූ වී මිලදී ගැනීමේ ඒකාධිකාරය තම ආණ්ඩු යටතේ බිඳ දමා ඇති බවත් ඒ තුළින් ප්‍රශ්න රැසක් විසඳී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.