වෙඩි තබා බිය ගැන්වීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාකවිට හා තම්මිට ප්‍රදේශවලදී එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම එක් සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 510ක් සහ අනෙක් සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19ක් හා වෙඩි තැබීමේ අපරාධයට යොදා ගනු ලැබූ යතුරුපැදියක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු‍ 28 හා 33 වයස්වල පසුවන මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.