ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම අඩුවෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට නොබෝ වේලාවකට පෙර තහවුරු කළා.
එය මේ වනවිට ස්ථාපිතව ඇත්තේ පොතුවිල් සිට කිලෝ මීටර් 160ක් පමණ නැගෙනහිර දෙසින්.
මීට පෙර ප්‍රකාශ වුණේ මෙම පද්ධතිය අද පස්වරුවේ රටට ඇතුලුවිය හැකි බවටයි.
එහෙත් මීට නොබෝ වේලාවකට පෙර තහවුරු කෙරුණේ එය වයඹ දෙසට ගමන් කර හෙට සවස් කාලයේදී යාපනය සහ ත්‍රිකුණාමලය අතර වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවටයි.
අලුතින් මතුවූ මෙම තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් මහතාගෙන් විමසා සිටියා.
අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් ඇල්ගෝ ටවුන් වැඩසටහන සමග සජීවීව එක්වූයේ ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් මහතායි.
එහිදී ඔහු පද්ධතිය දුර්වල වීම නිසා එහි බලපෑම අඩුවීම සම්බන්ධයෙන් පැහැදිලි කළේ මෙලෙසයි.
කෙසේවෙතත් නැවත දැනුම්දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.
එමෙන්ම මෙම ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.
ගතවූ පැය විසි හතරේ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ අම්පාර ප්රදේශයටයි.
වැසි හේතුවෙන් ජලාශ හා ගංගාවල ජල මට්ටම වැඩි වී ඇතිද? මේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු එල්.එස්. සූරිය බණ්ඩාර මහතා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදන සැලකිල්ලට ගනිමින් ඌව පළාතේ සියලුම පාසල්වලට අද පෙරවරු 11.00 වනවිට නිවාඩු ලබාදීමට තීරණය කෙරුණා.
ඒ අනුව පෙරවරු 11.00 වනවිට දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි දැනුම්දී තිබුණේ.




