Published
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු උපදේශක ලෙස ලසිත් මාලිංග පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් 15වනදා සිට ජනවාරි 25 දක්වා මාසයක කාලයක් සඳහා ලසිත් මාලිංග වේග පන්දු උපදේශක ලෙස පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.
ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් සූදානම් කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා මෙමගින් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය 2026 පෙබරවාරි 7 වන දින ආරම්භ වන අතර එහි ආරම්භක තරගය කොළඹදී පැවැත්වීමට නියමිතයි.


