ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්ථාන කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සහභාගී නොවන බව වාර්තා වනවා.

ඒ, එම ක්‍රීඩකයින් “ඕස්ටේ්‍රලියානු බිග් බෑෂ්” තරගාවලියට සහභාගී වීම හේතුවෙන්.

ඒ අනුව බාබර් අසාම්, ශහීන් අෆ්රිඩි, හැරිස් රවුෆ් සහ මොහොමඩ් රිස්වාන් යන ක්‍රීඩකයින් එලෙස ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා එක් නොවන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් නම් කළ 15 දෙනෙකුගෙන් සමන්විත පාකිස්ථාන සංචිතය සඳහා නවක ක්‍රීඩකය කවාජා නෆායි ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ජනවාරි මස 07 වනදා දඹුල්ලේදී පැවැත්වීමට නියමිතයි.