Published
ශ්රී ලංකාවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේදී අමෙරිකානු ප්රහාරයකට ලක්ව ගිලී ගිය ඉරාන නෞකාවේ සිටි පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව නාවික හමුදාව පවසනවා.
ඒ අනුව සෝදිසි මෙහෙයුම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා සිය යාත්රා කිහිපයක්ම එම ස්ථානයේ පවතින බවයි නාවික හමුදාව පැවසුවේ.
අනතුරට ලක්වූ නෞකාවේ සිටි පුද්ගලයන් 32දෙනෙකු මේ වනවිට මුදාගෙන ඇති අතර තවත් පුද්ගලයන් 87 දෙනෙකුගේ මළ සිරුරු නාවික හමුදාව විසින් සොයා ගනු ලැබුවා.
මුදා ගැණුනු පුද්ගලයන් සහ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ මළ සිරුරු ගාල්ල ජාතික රෝහල වෙත යොමු කෙරුණු බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා.



