Published
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක කටයුතු ප්‍රවර්ධන නොකිරීමට සංචාරක සංවර්ධන මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
මෙම දැනුම් දීම සිදුකෙරුණේ ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් රාජ්‍ය නොවන සංවිධානයක් වෙත නිකුත් කළ ලිපියක් බල රහිත කිරිමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීයි.
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.




