පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ රාත්‍රියේ පැවති තරගය ජය ගැනීමට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ, ලකුණු 61 කින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 168 ක්.

එහිදී රචින් රවීන්ද්‍ර පන්දු 22කදී ලකුණු 32 ක් රැස් කළා.

පන්දු යැවීමේදී මහීෂ් තීක්‍ෂණ සහ දුෂ්මන්ත චමීර කඩුළු තුන බැගින් බිද හෙළුවා.

කෙසේවෙතත් ජයග්‍රාහී ලකුණු 169ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 107 ක් පමණයි.

පැතුම් නිස්සංක තරගයේ ප්‍රථම පන්දුවේදීම දැවී ගියා.

ශ්‍රී ලංකා ලකුණු පුවරු 6 ක් ලෙස සටහන්ව තිබියදී ලකුණු 5 ක් රැස් කර සිටි චරිත් අසලංක දැවී ගිය අතර තුන්වන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 31 ක් රැස්කර සිටියදීයි.

පවන් රත්නායක ලකුණු 10කටත් දසුන් චානක ලකුණු 3කටත් දැවි ගියා.

ලකුණු 31 රැස් කර සිටියදී කමිදු මෙන්ඩිස් දැවී යාමත් සමග ඇතැම් ක්‍රීඩා ප්‍රේක්‍ෂකයින් ක්‍රීඩාගාරවලින් පිටව ගියා.

ශ්‍රී ලංකාව අතිශය තීරණාත්මක තරගයක් වූ මෙම තරගයේදී කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 32 සීමාව ඉක්මවා යාමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව නවසීලන්තය ලද ජයත් සමග මෙවර පන්දුවාර විස්සයි විස්න ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.