ශ්රී ලංකා කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය සැලසුම්කළ පරිදි පවත්වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරමින් සිටිනවා.
පාකිස්තානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවක් හේතුවෙන් සංචාරයක නිරත ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයින් 16 දෙනෙකුම යළි ශ්රී ලංකාවට පැමිණීමට තීරණය කර තිබුනා.
මෙම සිදුවීමෙන් පසුව, ශ්රී ලංකා ක්රිකට් ආයතනය වහාම ක්රීඩකයන් සමඟ සම්බන්ධ වූ අතර, සංචාරයට එක් එක් සාමාජිකයාගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා පාකිස්තාන ක්රිකට් මණ්ඩලය සහ අදාළ බලධාරීන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් සියලු ගැටළු නිසි ලෙස විසඳන බවට ඔවුන්ට සහතික විය.
ඒ අනුව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සියලුම ක්රීඩකයන්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරීත්වයට නියමිත පරිදි සංචාරය කරගෙන යන ලෙස උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව යම්කිසි ක්රීඩකයෙකු ලංකාවට පැමිණියහොත් ඔහුට ආදේශක ක්රීඩකයෙක් යැවීම සහ එලෙස පැමිණෙන ක්රීඩකයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ශ්රී ලංකා ක්රිකට් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.




