Published
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්ද සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අමල් නිරෝෂණ අත්තනායක මහතා වෙත ඊට අදාල පත්වීම් ලිපිය ලබාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.
දේශීය මෙන්ම විදේශීය වෙළෙද සන්නාම රැසක නිර්මාණකරු වන අත්තනායක මහතා දකුණු ආසියාවේ මෙන් ම මෙරට ජාත්‍යන්තර ප්‍රදර්ශණ කිහිපයක් මෙහෙයවීම සහ කළමණාකරණය සිදු කර තිබෙනවා.
නවීන තාක්ෂණික හා ඩිජිටල්කරණය භාවිතයේ මනා පලපුරුද්දක් ද ඒ මහතා සතු වනවා.