සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.
සිව්වන දිනය වූ ඊයේ දිනයට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 177ක් රැස් කරගෙන සිටියා.
ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා ඊයේ දිනයේදී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 485ක් පමණයි.
ඒ, බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට ලබාගත් ලකුණු 495ට පිළිතුරු වශයෙන්.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 187ක් රැස්කල අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් ලබා ගත්තා.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම දෙවන ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 187ක් ඉදිරියෙන් පසු වනවා.
තරගය ජයග්‍රහණය කිරීමේ මාවත මේ වන විට කණ්ඩායම් දෙකට විවර වී ඇති බවයි සිව්වන දිනයට තරගය අවසන් වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පැවසුවේ.
ශ්‍රී ලංකාවට අද දිනයේ වැඩි වාසියක් ලබා ගැනීමට නම් බංග්ලාදේශ කණ්ඩායමේ තවත් කඩුලු තුනක් උදෑසන කාලයේ ලබා ගැනීමට අවශ්‍ය වන බවයි කමිඳු මෙන්ඩිස් සඳහන් කළේ.
පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදු වූ අතපසු වීම් සම්බන්ධයෙන් ද කමිඳු මෙන්ඩිස් මෙහිදී අදහස් පළ කළා.