සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

දීර්ඝ කාලයකට පසු ධනංජය ද සිල්වා එම සංචිතයට ඇතුළත් කර සිටීම විශේෂත්වයක්.

දෙරට අතර මෙම එක්දින තරඟාවලිය එළඹෙන 22, 24 සහ 27 යන දිනවල කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.