අවාර සමයේදීද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර පවත්වා තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

අවාර සමය තුළ ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, ඩිජිටල් අළෙවිකරණ ක්‍රමවේද භාවිතයෙන් ශ්‍රී ලංකා සංචාරක සන්නාමය ඉහළට ඔසවා තැබීම, සංචාරක කර්මාන්තයට අවශ්‍ය කුසලතා හා පුහුණුව ඇති කිරිමෙන් එම ක්ෂේත්‍රයේ මානව සම්පත වැඩිදියුණු කිරීම හා සංචාරක කර්මාන්තයට විදෙස් ආයෝජන ආකර්ෂණය කිරීම පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු‍ සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වූ බවත් එම කර්මාන්තය දියුණු කිරීම සඳහා දැනට සංචාරක ප්‍රවර්ධන කා©ාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම සිදු කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියලු‍ අංශ ඒකාබද්ධ කරමින් ජනාධිපති කා©ාලය මූලික කර ගත් ඒකකයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එම සාකච්ඡාවේදී රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ ඇගයීමට ලක් වූ බවත් එය සංචාරක ප්‍රවර්ධනය සඳහා ඒකාබද්ධ කර ගැනීම පිළිබඳවද සාකච්ඡාවට ලක් වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.