සංචාරක හෝටල් ආශ්‍රිත වෙරළ කලාපවල පවිත්‍රතාව රැක ගැනීමේ අරමුණින් හෝටල් වෙරළ රැකබලා ගන්නා කණ්ඩායමක් පත් කිරීමේ ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව සංචාරක හෝටල් ආශ්‍රිත වෙරළ කලාපය රැක ගැනීම වෙනුවෙන් ප්‍රදේශවාසියෙකු පත් කිරිම මෙහිදී සිදු වන අතර ඒ වෙනුවෙන් ඔහුට දීමනාවක්ද ගෙවනු ඇති.

ඊට අදාළව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා අදාළ සංචාරක හෝටල් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිමද සිදුව තිබෙනවා.

මෙය සිදු වන්නේ “සුන්දර වෙරළ තීරයක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්”‍ යන තේමාවට අනුව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේයි.