Published
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය සහ රිවෝල්වරයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින්. පළමුව මෝදර, ඉබ්බාවත්ත හන්දිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇයගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම් හමුවේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ එම ප්‍රධාන සමීපතමයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. ඔහුගේ කොළඹ 13 ප්‍රදේශයේ නිවසක්ද පරික්‍ෂා කර තිබෙනවා. එම නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 745ක්, විදෙස් රටක නිෂ්පාදිත රිවොල්වරයක් හා ඊට යොදන පතරොම් 05ක්ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මෝදර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.