සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර තවත් තීරණාත්මක සාකච්ජාවක් අද පැවැත්වුණා.
ඒ, කොළඹ පිහිටි තරු පහේ හෝටලයකදීයි.
එම සාකච්ඡාවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක, එජාපයේ උප සභාපති නවීන් දිසානායක, උප නායක අකිල විරාජ් කාරියවසම් සහ පක්‍ෂ දෙක සමඟ තීරණාත්මක එකමුතුවකට පදනම සකස් කරමින් සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ ජේයෂ්ඨ උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා මහතා ද එක්ව සිටියා.
රට මුහුණ දෙමින් ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉදිරියේදී එක ඕනෑම මැතිවරණයකට මුහුණදීම පිළිබඳවත්ප ක්ෂ දෙකේ ඉදිරි කටයුතු එක්ව සිදු කිරීම පිළිබඳවත් සුහදව එහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ.
මෙම සාකච්ජාව පිළිබඳව සමගි ජන බලවේගයේ නායකල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා x සටහනක්ද තබා තිබෙනවා.




