06 ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල් දැමීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

නැවත හකුලාගත නොහැකි මට්ටමේ විරෝධයකට මුහුණදීමට සිදුවිය හැකි බව අවසන් මොහොතේදී තේරුම්ගැනීම නිසා ආණ්ඩුව එම තීරණය ගත් බවයි එහිදී ඔහු කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා.

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහයේදී හරිනි අමරසූරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස යොදා තිබූ සටන් පාඨය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මෙහිදී විමල් වීරවංශ මහතාගෙන් ප්‍රශ්න කළා.

මේ අතර සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වන ආනන්ද පාලිත මහතාද අද පැවති මාධ්‍ය හමුවකදි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.