ස්විට්සර්ලන්තයේ ක්‍රාන්ස් මොන්ටානාහි අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තිබෙනවා.

සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

නව වසර සැමරීම වෙනුවෙන් සංවිධාන කර තිබූ සාදයක් අතරතුර ස්විට්සර්ලන්ත වේලාවෙන් අලුයම එකයි තිහට පමණ එම ගින්න හටගෙන තිබෙනවා.

ගිනිකෙළි හේතුවෙන් ඇතිවූ පිපිරීමකින් ගින්න හටගන්නට ඇති බවටයි එරට පොලීසිය සැක පළ කර ඇත්තේ.

එය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවද එරට පොලීසිය ප්‍රකාශ කර තිබුණා.

ගින්න පාලනය සදහා හෙළිකොප්ටර් යානා 10ක් සහ ගිනි නිවන භටයින් සියයකට වැඩි පිරිසක් යොදාගෙන තිබුණා.