2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වනවා.
පසුගිය 17 වනදා ආරම්භ වු සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 3,545කදි ක්‍රියාත්මක බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
මෙවර විභාගයට පෙනී සිටිමට පාසල් අයදුම්කරුවන් තුන්ලක්ෂ 82,249ක් ද පෞද්ගලික අයදුම්කරුවන් 69,214ක් ද වශයෙන් මුළු අපේක්ෂයන් හාර ලක්ෂ 51,463ක් සුදුසුකම් ලබා තිබුණා.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තරපත්‍ර පරික්ෂාව මාර්තු 12 වනදා ආරම්භ කරන විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අදියර තුනක් යටතේ එම උත්තර පත්‍ර පරීක්ෂා කිරීම් සිදුකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.
උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ පළමු අදියර මාර්තු 12 වනදා සිට 23 දක්වා ක්‍රියාත්මකයි.
දෙවන අදියර අප්‍රේල් පළමු වනදා සිට 10 වනදා දක්වාත් තුන්වන අදියර අප්‍රේල් 21 වනදා සිට මැයි 15 වනදා දක්වාත් ක්‍රියාත්මක බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ.
උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සදහා ගුරුවරුන් 40,000 ක පමණ පිරිසක් සහභාගිවීමට නියමිතව තිබෙනවා.




