Published
2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ඛාණ්ඩයේ තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා.
ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ්රලියානු කණ්ඩායම අතරයි.
මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගතහොත් ඔවුන් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබනවා.
ඔස්ටේ්රලියානු කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජය හේතුවෙන් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට නම් ඔවුන්ට මෙම තරගය ජය ගැනීම තීරණාත්මක වනවා.
එබැවින් මෙම තරගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන මෙම තරගය රාත්‍රි 7ට ආරම්භවීමට නියමිතයි.




