ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලැබෙන සංචාරක කර්මාන්තයේ ඉතාමත් යහපත් ස්ථාවරත්වයකට දායක වන අතිශයින්ම සුවිශේෂී වූ සංචාරක ගමනාන්තයක් මෙන්ම ශ්‍රී ලාංකීය ඉතිහාසය ලොවටම කියාපාන සිගිරිය තුල ඇති අවදානමක් පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කරනවා සිගිරි පර්වතයට ගොඩ වීමේදී ගමන් පහසුව පිණිස ඉදිකර ඇති යකඩ පඩි පෙළ සහ අත් වැට අබලන් තත්වයට පත්වීම නිසා සංචාරකයන්ට කරදරයක් සිදු වේ යැයි අනතුරු ඇඟවෙනවා.

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.