සියඹලාණ්ඩුව ප්‍රදේශයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග සියඹලාණ්ඩුව හැඩඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබෙනවා.

එම තත්වය සමග ඊයේ පස්වරුවේ දී ඇතිමලේ කොටියාගල මාර්ගය ජලයෙන් යට වී මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

හැඩඔයේ ජල මට්ටම තවමත් ඉහළ යමින් තිබීම නිසා හැඩඔය දෙපස ජනතාව අවධානයෙන් සිටින ලෙසට මොණරාගල දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකය දැනුම් දීමක් කර සිටිනවා.