ආන්දෝලනයට තුඩු දී ඇති කොළඹ ප්රසිද්ධ පාසලක සිසුවෙකු සහ ගුරුවරියන් කිහිපදෙනෙකුට අදාළ වීඩියෝව සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව මෙම වීඩියෝවේ ගුරුවරියන් සිව් දෙනෙකු සිටින බව පැවසුවද එහි සිටින්නේ ගුරුවරියන් දෙදෙනෙකු පමණක් බවයි පැවසෙන්නේ.
ඔවුන්ද එම පාසලෙන් දැන් වෙනත් පාසලකට මාරුවීම් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම සිසුවාගේ පියා කෝටිපති ව්යාපාරිකයෙකු මෙන්ම පොලීසියේ ජ්යේෂ්ඨ නිලධාරියෙකු බවට වාර්තා පල වුවද එම තොරතුරු අසත්ය බව වාර්තා වී තිබෙනවා.
මෙම සිසුවා මේ වන විට වයස අවුරුදු 19ක අයෙකු බවද සඳහන්.
ඔහු සිය ජංගම දුරකතනය ශිෂ්ය නායක සංසදයේ ලොකරයක දමා ගොස් ඇති අතර එම ලොකරය විවෘත කිරීමට අවසර ඇත්තේ නියෝජ්ය ප්රධාන ශිෂ්ය නායකයින්ට පමණක් බවයි වාර්තා වන්නේ.
එබැවින් මෙය කිසියම් අයෙකු පෞද්ගලික තරහක් පිරිමසාගැනීම සඳහා කළ කටයුත්තක්දැයි සැක පළ වන බවයි පැවසෙන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම සිසුවාගේ පියා පොලිස් පරිගණක අපරාධ අංශයට පැමිණිලි කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මත පළ කරන නීතිවේදීන් පවසන්නේ මෙම තරුණයා වයස අවුරුදු 18කට වැඩි බවත්, අදාළ කාන්තාවන් වයස අවුරුදු 16 ඉක්මවා ඇති බවත්ය.
ඒ අනුව මෙම වීඩියෝපට තුළින් බාල අපරාධයක් සිදු නොවන බවත් ඔවුන් පවසනවා.
මෙවැනි සිදුවීම් එක් පාසලකට පමණක් සීමා වූ කරුණක් නොවන අතර විවිධ ස්වරූපවලින් පාසල් පද්ධතිය තුළ මෙවැනි සිදුවීම් දක්නට ලැබේ.
මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පාසල් පද්ධතිය තුළ දැඩි විනය ක්රියාමාර්ග ගත යුතු බව අධ්යාපන බලධාරීන් පෙන්වා දෙනවා.
මෙවැනි සිදුවීම් හමුවේ එක් පාසලක් කේන්ද්ර කර ගනිමින් දෝෂාරෝපණ සිදු කිරීම නොකළ යුතු බවයි සමාජ විද්යාඥයින් ද පවසන්නේ.
මෙය හුදෙක් පන්ති භේදය මූලික කර ගනිමින් යම් පුද්ගලයින් පිරිසක් විසින් සිදු කළ ක්රියාවක් බවටද පැවසෙනවා.