Published
සිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පියවර ගත්තා.
ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව රැස්වී ගත් තීරණයකට අනුවයි.
එම සංගමයේ නියෝජිතයන්ට සාකච්ඡාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එකඟතාව පළ කර තිබුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත්වීම සෞඛ්‍ය අමාත්‍යාවරයා සමග එම සාකච්ඡාව ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද ප්‍රභාත් සුගතදාස මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.
සිය ස්ථාන මාරු ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවස්ථා කිහිපයකදී වර්ජනයේ නිරත වුණා.




