Published
අක්කරෙයිපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් නැගෙනහිර පළාතේ රෝහල්වල ක්‍රියාත්මක සිය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නැගෙනහිර පළාතේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද පෙරවරු 08ට යළි ආරම්භ කළ බවයි.
අක්කරෙයිපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කරුණු දැක්වුවා.
මේ අතර උද්ගතව ඇති ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වුණා.




