මේ දිනවල ඇදහැලෙන තද වැසි තවත් දින කීයක් පවතීද? නෙත් නිවුස් උදෑසනින්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියා.

එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා අනාවරණ කළේ වැසි හෙටින් පසු අඩුවන බවයි.

ලබන සතියෙන් පසු වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්‍ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පැවසුවේ.