නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ දිනවල වඩාත් කතාබහට ලක්වන්නේ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියලයක පැවති ගැටලුවක් මුල් කරගෙනයි.

මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍ය ධුරය දරන අග්‍රාමාත්‍ය ආචාර්ය, හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහි විශ්වාසභංග යෝජනාවකට අත්සන් තැබීම විපක්ෂය ඊයේ ආරම්භ කළා.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ බොහෝ දුරට හෙට දිනයේ එම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදෙන බවයි.

ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමි පසුබිමක මෙවැනි විශ්වාසභංගයක් ඉදිරිපත් කර ජයගත හැකිද? නොඑසේ නම් එහි අරමුන කුමක්ද? නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන්ද රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් ප්‍රශ්න කළා.

විපක්ෂය ගෙන ඒමට සැරසෙන විශ්වාසභංගය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? මේ, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා.