හික්කඩුව, මහමත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම ප්‍රදේශයේ නිවසක් දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම වෙඩි ප්‍රහාරවලින් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ අදාල නිවසේ මැදිවියේ පසුවන අඹුසැමි යුවලක් රැඳී සිට ඇති බවද පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.