රට තුළ පවතින ඖෂධ හිඟයට කඩිනමින් විසඳුම් ලබාදීමට රජය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අත්‍යවශ්‍ය ඖෂධ මෙරටට ගෙන්වීම සඳහා රටවල් කිහිපයක් සමඟ මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු එයට සම්බන්ධ නිලධාරින්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළා.