දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

ඒ, එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි.

එම අවස්ථාවේදී සැකකාර ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාට ආගමික කටයුත්තක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍ය බවත් ඒ සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමටයි.