දූෂණ විරෝධී පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැර සිටින්නේ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නඩුකරය ලබන 23 වන දා කැඳවන ලෙස අල්ලස් කොමිසම නියම කළා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර ප්‍රසන්න රණතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඒ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට දාලා විමර්ශන කටයුතු තවදුරටත සිදු කරන බවයි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාට පෞද්ගලික කටයුත්ත සඳහා විදේශගතවීමට අවශ්‍යව තිබෙන බවත් අපේ අනුව ඔහුට එරෙහිව අධිකරණය විසින් නිකුත් කර තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලෙහෙල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වර මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය ලබන විසඳුම් වන්දා අධිකරණයට දැනුම් දෙන ලෙස එම කොමිසමේ නිලධාරීන්ට නියම කළා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ආයතනවල සේවකයින්ට වෛද්‍ය රක්ෂණය ක්‍රමයක් ඍජුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබා නොගෙන තැරැව්කාර සමාගමක් මැදිහත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 47කට අධික මුදලක් පාඩු කිරීම සැකපිට අල්ලස් කොමිසම විසින් ප්‍රසන්න රණතුංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.




