Published
මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ රඳවා සිටින බන්ධනාගාර වාට්ටුවේ සහ යාබද තවත් වාට්ටුක තිබී ජංගම දුරකථන 16ක් සොයාගෙන තිබෙනවා.
ඒ, බන්ධනාගාර බුද්ධි අංශය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදියි.
ඔවුන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ 'කේ' වාට්ටුවේ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඔවුන් දෙදෙනා සමග තවත් රැදවියන් 150ක් පමණ වැලිකඩ බන්ධනාගාරයේ 'කේ' වාට්ටුවේ රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවා.




