අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ, මහනුවර නිත්තවෙල, පවුලේ සුසාන භූමියේදීයි. හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ දිලුම් අමුණුගම මහතා මෙලෙස අදහස් පළ කළා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගිය 15 වනදා අභාවප්‍රාප්ත වුණා. ඒ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.