Published
බලපත්‍ර නොමැතිව ඉන්ධන තොග සන්තකව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කල්මුණේ, මාදවන් පාර ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩීසල් ලීටර් 4620 ක් සන්තකව සිටියදීයි.
මේ අතර උඩදුම්බර, වෑතලාව හන්දිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඇය සන්තකව තිබී පෙට්‍රල් ලීර් 30ක් සොයාගෙන තිබෙනවා.
ඩීසල් ලීටර් 60ක්, පෙට්‍රල් ලීටර් 30 ක් හා භූමිතෙල් ලීටර් 40ක් සමග අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගමුව, ඉහළ බෝමිරිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.




